විදුහල්පතිතුමියගේ පණිවිඩය
සදාදරණිය සහෘද ගුරු මව්වරුනි, ගුරු පියවරුනි, සෞන්දර්යට ලැදි සියලු ම ආදරණිය පුතණුවණි, දියණිවරුනි, ලක්වාසී සොදුරු සිත් ඇත්තනී,
කලාව යනු, මිනිසාගේ රසභාවයන් කම්පනය කරමින්, ඔහුට රසවින්දනයක් ලබා දෙන නිර්මාණයකි. එය සෞන්දර්ය ද වේ. “කලාව මනස සුවපත් කරයි” යන තේමාව මුල් කරගනිමින් සෞන්දර්යාත්මක රසවින්දනයක් ලබා දෙන කලා නිර්මාණකරණයට අනාගත පරපුර යොමු කරවීම මාගේ ඒකායන පරමාර්ථයයි.
සංසාරික පුරුද්ද, පරිකලප්නය, විමර්ශනය, සොබාදහම සමඟ සමීප ව කටයුතු කිරීමෙන් උපදවාගත් වාසනා ගුණය හා නිර්මාණිකරණයට උපන් හැකියාවක් තිබීම හෙවත් “නෛසර්ගික දක්ෂතාවය” ශිෂ්ටත්වය තුළින් අත්දැකීම් මුසුකොට “වින්දනීය” ලෙස ඉදිරිපත් කිරීමේ මහඟු හැකියාව කලා පෞරුෂය වේ. එය විඥානය තුළින් ප්‍රගුණ කරවා අභිමානවත් හා රසඥතාවයෙන් හෙබී ලාංකිකයන් පිරිසක් විශ්වයට දායාද කිරීමේ පරමාර්ථය තුළ මා පියමං තබන්නෙමි.

හදවතක ගැහෙන හඬ, සංගීතයේ උල්පත හෙවත් තාලයේ මුලාරම්භයයි. මව්කුසේ අදුරු අගාධයෙහි බියෙන් හැකිලී සිටින විට දී හැගුණු රිද්මය මවගේ හදවත ගැහෙද්දී නැගුණු (heart beat) ලයාන්විත රිද්මයානුකුල හඬයි. ඒ බිලිඳු හද නැළවුණු රිද්මය, කලාත්මක බව මිනිසා උපතින් ම ලද්දකි. කලා රසවින්දනයේ දී නාදාත්මක බවට වඩා තාලාත්මක රසවින්දනයෙහි ආස්වාදාත්මක ගුණයට අප ප්‍රිය වන්නේ එය අපට උපතින් ම උරුම වී ඇති නිසාය.
මිනිස් ආත්මය සාක්ෂාත් කරන පරිපුර්ණත්වයට ළඟා වීමට බ්‍රහ්ම ප්‍රතිපත්තිහි පිහිටා අනලස්ව, අධ්‍යාත්මික ප්රබෝධය, මානසික සැහැල්ලු බව, ආනන්දය උරුම කොටගත් සත් විත් රසය තුළින් ආත්ම ගරුත්වය, ආත්ම සම්මානය, ආත්ම අභිමානය තුළින් ගැඹුරු විශ්වීය සංකල්ප හදවත්හි රෝපිත, කෘතහස්ත පරපුරක් විශ්වයට නිර්මාණය කිරීම උදෙසා සදැස කලා පීඨයේ විදුහල්පතනිය ලෙස මහත් සේ කැප වන්නෙමි.
සදැස, චන්දස, විරිත, තාලය ලෙසින් අරුත් ගැන්වෙන උපතින් ම උරුමලත් රිද්මය තුළින් සංගීතය, නර්තනය, චිත්‍ර, නාට්‍ය හා රංග කලාව, නවීන විද්‍යාත්මක තාක්ෂණික හා පර්යේෂණාත්මක පාඨමාලාවන් රැසක් සදැස කලා පිඨය තුළින් අධ්‍යනය කරන්නට ඔබ සැමට ඇරයුම් කරන්නෙමි.
“ඉවසීම හා විනය තුළින් නිර්මාණශීලි මානවයා නිම වේ.”




